シンハラ語
අභ්‍යන්තර ප්‍රතිකාර
සෙම්ප්‍රතිශ්‍යාව, උදර (ආමාශ) වේදනාව, හිසරදය හෝ වෙනත් පොදු රෝග ඇති විට යා යුතු අංශයකි.
ශල්‍යකර්ම
තුවාල වූ විට හෝ ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වූ විට යා යුතු අංශයකි.
විකලාංග චිකිත්සාව
අස්ථි/ මාංශ පේශි ආබාධයක් ඇති විට හෝ තුවාල වූ විට යා යුතු අංශයකි.
ස්නායු ශල්‍යකර්ම
හිසට තුවාල වූ විට හෝ මොළයේ ආබාධයක් ඇති වූ විට යා යුතු අංශයකි.
මනෝචිකිත්සාව
මානසික ගැටලු ඇති බව හැඟෙන විට යා යුතු අංශයකි.
ළමා රෝග
දරුවෙකු අසනීප වූ විට යා යුතු අංශයකි. එන්නත් සහ වෛද්‍ය පරීක්ෂණ ද ලබා දෙයි.
චර්ම රෝග
සමේ ගැටළු ඇති වූ විට යා යුතු අංශයකි.
ප්‍රසව හා නාරිවේද
ගැබ්ගත් විට, දරුවෙකු ප්‍රසූත කිරීමට අවශ්‍ය වූ විට, කාන්තාවන්ට ආවේණික යයි සැක කෙරෙන රෝග ඇති වූ විට යා යුතු අංශයකි.
අක්ෂි වෛද්‍ය
ඔබේ අක්ෂිවල ගැටළුවක් ඇති වූ විට යා යුතු අංශයකි.
උගුර කන් ආශ්රිත රෝග
ඔබට උගුර/ කන්/ නාසය ආශිත ගැටළු හෝ ක්ලාන්තය දැනෙන විට යා යුතු අංශයකි.
දන්ත වෛද්‍ය
ඔබට දත් කුහර හෝ වෙනත් දන්ත ආබාධ ඇති විට යා යුතු අංශයකි.
当ホームページは、財団法人自治体国際化協会「平成25年度多文化共生のまちづくり促進事業」の助成を受け、NPO法人国際交流ハーティ港南台と公益財団法人かながわ国際交流財団が協働作業を通してリニューアルをしたものです。